
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකයන් 15ක් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නොයෙදී, ප්‍රචාරක කටයුතු සඳහා යැයි පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් සහ වෙනත් දෑ රැස්කිරීම් කරන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් කරුණු සොයා බලාගෙන යන බව, මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පවසා ඇත.
ජනපති අපේක්ෂකයන් තිහකට ආසන්න පිරිසක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු තවමත් ආරම්භ කර නැතැයි පවසන එම නිලධාරියා, සමහරුන් පක්ෂ කාර්යාලයක්වත් විවෘත කර නැතැයි ද සඳහන් කර තිබේ.
ඒ අනුව, වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට දෙන නිදහස් ගුවන් කාලය ඔවුනට නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇත.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 38 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
මෙම එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරන බව, කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart