August 24, 2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් කොළඹ පිහිටි එම සංගම් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වුණු විරෝධතාව ජනතා ඒකාබද්ධ විපක්ෂය විසින් දැඩි ලෙස හෙළාදැක තිබේ.

අද (24) නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, මෙම ‘පහත් ක්‍රියාව’ සඳහා විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු හෝ පක්ෂයක් සම්බන්ධ වී නොමැති බවයි.

ජනතාව තුළ අප්‍රසාදය වර්ධනය වන ආකාරයේ මෙවැනි පහත් ක්‍රියා සංවිධානය කිරීමෙන් ආණ්ඩුවට ජනතා ප්‍රසාදයක් නොමැති බව තවදුරටත් තහවුරු වන බවට ද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

ආණ්ඩුවේ මෙවැනි ‘බොළඳ ක්‍රියාවලට’ නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ජනතා ඒකාබද්ධ විපක්ෂය, අදාළ විරෝධතාවය සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව නැවත නැවතත් තහවුරු කර සිටියි.