
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසාධාරණ ලෙස අධිකරණ නිලධාරීන් ඉලක්ක කර සමාජ මාධ්‍යවල පළ වූ තොරතුරු සහ එවැනි අන්තර්ගතයන් වැඩි වශයෙන් හුවමාරු වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය එවැනි සිදුවීම් අධිකරණ පද්ධතියේ අඛණ්ඩතාවට තර්ජනයක් වන බව ප්‍රකාශ කර තිබේ.
එවැනි පළ කිරීම් කිහිපයක් මහජනතාව අතර පුළුල් ලෙස සංසරණය වන අතර ඒ හරහා අධිකරණයේ කීර්ති නාමයට සහ යුක්තිය පසිඳලීමට හානිකර ආකාරයෙන් අදහස් දැක්වීම් සිදුවන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
“යුක්තිය පසිඳලීමේදී අධිකරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ,” යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
මහජන අදහස් දැක්වීම් හෝ සමාජ මාධ්‍ය උපකල්පන හරහා නොව නිසි නීතිමය මාර්ග හරහා අධිකරණ හැසිරීම පරීක්ෂා කිරීම සඳහා නීතිය නිශ්චිත ක්‍රියාපටිපාටි ඇති බව ද එම සංගමය අවධාරණය කර ඇත.
අධිකරණ නිලධාරීන්ගේ රූප ප්‍රකාශයට පත් කර ඇති සහ කිසිදු සනාථ කළ පදනමක් නොමැතිව අඛණ්ඩ පරීක්ෂණ පිළිබඳ අනුමාන කරමින් පළ වූ මෑත කාලීන අනත්ර්ගතයන් පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂයෙන් කණස්සල්ලට පත්ව සිටී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, එම අන්තර්ගතයන් අදාළ ව්‍යවස්ථාපිත බලධාරීන්ගේ අධිකරණ බලයට යටත් වන කරුණු පිළිබඳ පුළුල් මහජන අදහස්දක්වීම් සහ උපකල්පනවලට තුඩු දී ඇති බවයි.
නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය අපගේ නීති පද්ධතියේ මූලික හරයක් බවත් එය සෑම විටම තහවුරු කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ප්‍රකාශ නිකුත් කිරීමෙන්, අදහස් බෙදා ගැනීමෙන් හෝ විමර්ශනවලට අගතියක් විය හැකි හෝ ක්‍රියාවලියට අනවශ්‍ය මහජන පීඩනයක් ඇති කළ හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටියි.
2025 මැයි 18 දිනැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශය එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් කර නිකුත් කරන ලද්දකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart