
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් අඛණ්ඩව රඳවා තබාගැනීම වැළැක්වීමට සහ දැනට අත්අඩංගුවේ පසුවන ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු කඩිනමින් නිදහස් කර දෙන්නැයි ඉල්ලා සිටිමින් තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් වෙත ලිපියක් යොමුකර ඇත.
රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ ධීවරයින් තිදෙනකු ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී මසුන් අල්ලමින් සිටියදී ඊයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ස්ටාලින් සිය ලිපියෙන් අවධානය යොමුකර ඇත.
දෙසැම්බර් 27 වැනි දින මණ්ඩපම් ධීවර වරායෙන් එම ධීවරයින් පිටත්ව ගිය අතර මෙරට මුහුදු සීමාව උල්ල්ඝණය කිරීමේ චෝදනාව මත ඔවුන්ගේ යාන්ත්‍රික ධීවර බෝට්ටුව සමඟ නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබිණි.
මේ පිළිබඳ බරපතල කනස්සල්ල පළකරමින් තමිල්නාඩු මහඇමතිවරයා සිය ලිපිය මගින් විදේශ අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ, එවැනි සිදුවීම් භයානක ලෙස නිතර සිදුවන බව සහ තමිල්නාඩු වෙරළ තීරයේ ධීවර පවුල් දහස් ගණනකගේ ජීවනෝපායන්ට දැඩි බාධාවක් ඇතිකර තිබෙන බවත්ය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම සිදුකරන අත්අඩංගුවට ගැනීම් සහ බෝට්ටු අල්ලාගැනීම් ධීවරයන් ආර්ථික දුෂ්කරතාවයකට සහ අවිනිශ්චිතතාවයකට තල්ලුකර ඇති බවත්, මුහුද පදනම් කරගනිමින් පමණක් සිය ජීවනෝපාය පවත්වාගෙන යන ධීවරයන් එමගින් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බවත් ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම ලිපියේ සඳහන් දත්තවලට අනුව, තමිල්නාඩු ධීවරයින් 61 දෙනෙකු සහ ධීවර බෝට්ටු 248 ක් ශ්‍රී ලංකා බලධාරීන්ගේ භාරයේ පවතී.
රඳවාගෙන සිටින සියලුම ධීවරයන් සහ ඔවුන්ගේ යාත්‍රා ඉක්මනින් නිදහස් කිරීම සහතික කිරීම සඳහා සුදුසු රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා මෙම කාරණය කඩිනමින් සලකා බලන ලෙසත්, අනාගතයේදී එවැනි අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසත් තමිල්නාඩු මහඇමති එම් කේ ස්ටාලින් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික කටයුතුවලදී තමිල්නාඩු ධීවරයින්ගේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවයක් ලෙස පැවතිය යුතු බව ද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා නැවත අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart