
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් ගමන් 4ක් පමණ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ප්‍රමාද වී ඇත්තේ භූමි කාර්ය මණ්ඩලය සිය රාජකාරි කිහිපයක් ඉටුකිරීමෙන් වැළකී සිටීම හේතුවෙනි.
අලුයම 4:30ට භුමියේ කාර්ය මණ්ඩලය සිය රාජකාරිය නතර කළ නමුත් සාකච්ඡාවක් සඳහා බලධාරීන්ගේ කැඳවීම මත පැය දෙකහමාරකට පසු නැවත සේවා කටයුතු ආරම්භ කර තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුවන් තොටුපල සේවකයන් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart