
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ පැවැති ආණ්ඩුව සමයේදී යාපනය පූනකරි ප්‍රදේශයේ සිදුකළ සූර්යය බල විදුලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජනාධිපතිවරණය ආසන්නයේ අත්සන් තැබූ එම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.
එම ව්‍යාපෘතිය ‘සන්පවර්’ නමැති සමාගමකට ලබාදීමේදී මන්ත්‍රීවරයා මැදිහත්කරුවකු වශයෙන් කටයුතු කර ඇති බවත්, අදාළ සමාගම සේවක අර්ථසාධක අරමුදල් ගෙවාගැනීමට නොහැකිව මාසයකට මිලියන 05 බැගින් දඩ මුදල් ගෙවූ සමාගමක් බවත් සංජය මහවත්ත චෝදනා කළේය.
එමෙන්ම ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, අදාළ සමාගම වෙනුවන එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය හෝ ඒ හා සමාන වෙනත් පිරිසක් මැදිහත් කර ගනිමින් යුනයිටඩ් සෝලාර් පවර් ලෙස නැවත වෙනත් සමාගමක් ඔවුන් විසින් පිහිටුවා ගෙන ඇති බවයි.
කල්ඉකුත් වී ඇති ගිවිසුම් පවා මෙම නව සමාගම හරහා ක්‍රියාත්මක කරමින් ව්‍යාපෘතිය සඳහා අවසර ලබාගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart