
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව නවතම ගෝලීය ආරක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් පහත වැටී තිබේ.
ඒ, ගෝලීය දත්ත රැස්කරන්නෙකු වන Numbeo විසින් නිකුත් කරන ලද 2025 මධ්‍ය වාර්ෂික වාර්තාවට අනුවය.
එම දර්ශකයේ ආරක්ෂිත දර්ශක ලකුණු 57.7 සමගින් ශ්‍රී ලංකාව මේවනවිට 61 වැනි ස්ථානයේ පසුවේ.
2024 වර්ෂයේදී ශ්‍රී ලංකාව පසුවූයේ එම වාර්තාවේ 59 වැනි ස්ථානයේ වන අතර ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 57.9 කි.
මෙම වාර්ෂික දර්ශකය අපරාධ මට්ටම් සහ ආරක්ෂාව පිළිබඳ නිර්ණායක මත පදනම්ව ආරක්ෂිත පරිසරයක් පෙන්නුම් කරන ඉහළ ලකුණු ලබාගත් රටවල් සමඟ ඇගයීමට ලක්කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2025 දර්ශකයේ ලකුණු 85.2ක් සමඟින් ඉහළින්ම සිටින අතර, සමීක්ෂණයට ලක්කළ රටවල් 148ක් අතරින් පළමු ස්ථානය ඔවුන් සතුවේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඩුම ගෝලීය අපරාධ අනුපාතිකය ද වාර්තා කර ඇති අතර එරටට හිමිව ඇති අපරාධ දර්ශක ලකුණු 14.8 ක් පමණි.
ලොව ආරක්ෂාව අතින් පහළින්ම පසුවන්නේ හයිටියයි.
ඒ අනුව හයිටියට එම දර්ශකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලකුණු 19.0 හිමිව ඇති අතර ඉහළම අපරාධ දර්ශකය 81.0 වේ.
ඊට අමතරව පැපුවා නිව්ගිනියාව, වෙනිසියුලාව, ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ද ඉහළම අපරාධ මට්ටම් සහ අවම ආරක්ෂිත ලකුණු වාර්තා කර ඇති රටවල් අතරට අයත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart