
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ගාල්ලේ කරන්දෙණිය පදිංචි බොළඳ හකුරු මේනියල් බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි පවසයි.
ඔහුගේ උපන් ස්ථානය වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 95A අගුළුගල්ල ග්රාමනිලධාරි වසමය.
පැරණි ජාතික හැඳුනුම්පතට අනුව මේනියෙල් 1915 ජුනි මාසෙ හතරවැනිදා මෙලොව උපත ලබා ඇති අතර, ඔහු දැන් අවුරුදු 110ක් වයසැති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි.
ඔහු ලිවීමට කියවීමට හැකියාව ඇති, 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූවෙකි.
මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නීරෝගිමත් දිවිපෙවෙතට හේතුවන්නේ වස විසෙන් තොර පෝෂණීය ආහාර රටාවකට හිමිකම් කීම බව ප්‍රදේශවාසීහු පවසති.
ඔහු වයස අවුරුදු අනූපහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣායනාවන්ට සහභාගි වුණු බව පැවැසේ.
මේනියෙල් දරුවන් නවදෙනකුගේ පියෙකි.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ සියවස් දීමනාවේ හිමිකරුවකු වන මේනියෙල්ගේ බිරිය මෙලොවින් සමුගෙන ඇතත් දරු මුනුබුරන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳිමින් ඔහු සුවසේ ජීවත් වෙන බව සඳහක් කළ යුතුව ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart