
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රථම පරිසර හිතකාමී, ජෛව හායනයට ලක්විය හැකි බැංකු කාඩ්පත දියත් කිරීම සඳහා ලේක් හවුස් ටෙක්නොලොජීස් සමාගම, ගෝලීය තාක්ෂණ ප්‍රමුඛයා වන තේල්ස් සමඟ ඇතිකර ගත් සහයෝගීතාව නිවේදනය කර ඇත.
මාස්ටර්කාඩ් ඉන්ටර්නැෂනල් විසින් බලගන්වන ලද මෙම කාඩ් පත ලංකා බැංකුව (BOC) සඳහා සැලසුම් කර ඇත.
ආහාරයට ගත නොහැකි, ඉරිඟු මත පදනම් වූ පොලිලැක්ටික් අම්ලයෙන් (PLA) සාදන ලද මෙම කාඩ්පත, දිරාපත් වීමට සියවස් ගණනාවක් ගත විය හැකි සාම්ප්‍රදායික PVC ප්ලාස්ටික් කාඩ්පත් සඳහා තිරසාර විකල්පයක් ඉදිරිපත් කරයි.
සම්පූර්ණයෙන්ම කාර්මිකව කොම්පෝස්ට් කළ හැකි, නව කාඩ්පත ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය විසඳුම් කරා යන ගමනේ සන්ධිස්ථානයකි.
ලේක් හවුස් ටෙක්නොලොජීස් අංශයේ විධායක අධ්යක්ෂ ටෝනි ජෝන්පිල්ලේ බැංකු කාඩ්පත් කර්මාන්තයේ බොහෝ ප්‍රථමයන් සමඟ නිරන්තරයෙන් පෙරමුණ ගෙන ඇත.
ඒ ශක්තිමත් ගෝලීය හවුල්කරුවන්ගේ ජාලයක් සහ මෙරට සැළකිව යුතු වෙළඳපල කොටසක් ද සමඟිනි.
“ශ්‍රී ලංකාවේ බැංකු අංශයට ලෝක මට්ටමේ, පාරිසරික වශයෙන් වගකිවයුතු නවෝත්පාදනයන් ගෙන ඒමේ අපගේ දැක්ම මෙම ව්‍යාපෘතිය මගින් පිළිබිඹු වනවා. ලංකා බැංකුව සහ තේල්ස් සහ මාස්ටර්කාඩ් වැනි ගෝලීය ප්‍රමුඛයන් සමඟ හවුල් වීමෙන් වෙළඳපොළේ විකාශනය වන ඉල්ලුම සපුරාලීම පමණක් නොව තිරසාර අනාගතයකට දායක වන බව අපි සහතික කරනවා.”ජෝන්පිල්ලෙයි පැවසීය.
වාර්ෂිකව නිකුත් කරන මිලියන ගණනක් බැංකු කාඩ්පත් සමඟ, ජෛව හායනයට ලක්විය හැකි විකල්ප වෙත මාරුවීම අපද්‍රව්‍ය ගොඩ ගැසීම සැළකිව යුතු ලෙස අඩු කිරීමට උපකාරී වනු ඇත.
ආරක්ෂාව, කල්පැවැත්ම හෝ ගෝලීය ගෙවීම් ක්‍රියාකාරිත්වයට හානියක් නොවන පරිදි ප්ලාස්ටික්වල සිට හරිත විකල්පයක් වෙත මාරුවීමේ විකල්පය පාරිභෝගිකයන්ට ලබා දෙමින්, නව කාඩ්පත අදියර වශයෙන් දියත් කෙරේ.
දශකයකට වැඩි කාලයක් තිස්සේ, ලේක් හවුස් ටෙක්නොලොජීස් ශ්‍රී ලංකාවේ ප්රමුඛ බැංකු සමඟ විශ්වාසදායක හවුල්කරුවකු වී ඇති අතර, ආරක්ෂිත, නව්‍ය සහ විශ්වාසදායක කාඩ්පත් විසඳුම් ලබා දෙයි.
ලංකා බැංකුව සමඟ මෙම පරිසර හිතකාමී කාඩ්පත දියත් කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර බැංකුකරණයේ අනාගතය නැවත අර්ථ දැක්වීමේ තවත් ඓතිහාසික පියවරක් සනිටුහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart