May 4, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පිරිමි නැගී එන කණ්ඩායම ලබන සතියේ තරග පහකින් සමන්විත T20 තරගාවලියක් සඳහා ජපානයට පිටත්ව යෑමට නියමිතය.

2024 වසරේ පැවැත්වීමට නියමිත ICC T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ මාවතේ කොටසක් වන, ජුලි මාසයේ නැගෙනහිර ආසියා ශාන්තිකර කලාපීය අවසන් මහා තරඟය සඳහා ජපාන ජාතික කණ්ඩායම සූදානම් වේ. ඒ වෙනුවෙන් පූර්ව අත්දැකීම් ලබාගැනීම සඳහා ජපාන ක්‍රිකට් සංගමය කරන ලද ඉල්ලීම පරිදි මෙම තරඟාවලිය සංවිධානය කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අදාළ T20 තරග පහ, මැයි 10 සිට මැයි 15 දක්වා, සැනෝ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.