
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු 1 වැනිදා සිට මෙරටින් ආනයනය කෙරෙන පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා සියයට 30ක ආනයන තීරුබදු පැනවීමට ඇමරිකාව ගත් තීරණයට සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.
එමගින් මණ්ඩලය පෙන්වාදෙන්නේ, එම තීරණයෙන් දැනට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 857කට අධික ආදායමක් උපයා ගන්නා රටේ වටිනාම අපනයන අංශයක් වෙත බරපතල තර්ජනයක් එල්ල වන බව සහ මෙරට ග්රාමීය පවුල් දහස් ගණනකගේ ආර්ථිකය අවිනිශ්චිතභාවයට තල්ලු කිරීමේ අවදානමක් ඇති බවයි.
අමෙරිකාව යනු මෙරට පොල් ආශ්රිත නිෂ්පාදනවල විශාලතම ගැනුම්කරුවා වන අතර, එම අංශයේ අපනයනවලින් සියයට 20කට වඩා වැඩි ප්රමාණයකට දායක වන්නේ ද අමෙරිකාවයි.
කෙසේවෙතත් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පෙන්වාදෙන්නේ, අමෙරිකාවේ නව තීරුබදු ඔස්සේ එම වෙළඳපොළේ ශ්රී ලංකාවේ පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා පවතින මිල තරඟකාරිත්වය විනාශ කරන බවයි.
පිලිපීනය, වියට්නාමය සහ ඉන්දියාව වැනි තරඟකාරී සැපයුම්කරුවන් වරණීය වෙළඳ ප්රවේශය භුක්ති විඳින බැවින්, ශ්රී ලංකාවේ නිෂ්පාදන ගෝලීය වශයෙන් කීර්තිමත් ගුණාත්මක බවක් තිබියදීත්, පිරිවැය මත පමණක් සලකා ප්රතික්ෂේප වනු ඇති බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමි ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් පවසන්නේ, මෙය ප්රතිපත්තිමය වෙනසක් පමණක් නොවන බව සහ එය ශ්රී ලංකාව ගොඩනැගීමට වෙහෙස මහන්සි වී ඇති සමස්ත කර්මාන්තයකටම එල්ල වූ විනාශකාරී පහරක් බවයි.
මෙරට නිෂ්පාදනවල සංශුද්ධතාවය, රසය සහ පෝෂණ ගුණය නිසා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව තිබුණ ද, ඒවා කොතරම් හොඳ වුවත්, සියයට 30ක තීරුබදු පැනවීම හේතුවෙන් එම නිෂ්පාදන මිල ගැනුම්කරුවන්ට දරාගත නොහැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
මුලින් යෝජිත සියයට 44 තීරු බද්ද වෙනුවට පසුව පනවනු ලැබූ සියයට 30 ක බදු අඩුවීම පිළිගන්නා නමුත්, එහි බලපෑම අපනයන තරඟකාරිත්වයට සහ පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය හා බැඳී ඇති සිය දහස් ගණනක ග්රාමීය ජීවනෝපායන්ට දැඩි ලෙස හානිකර බව ද ඔහු රජයට පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart