
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ඊයේ(12) ඇමරිකානු ඩොලර් මිලියන 525 ක වාර්ෂික පාඩුවක් නිවේදනය කළේය.
කාර්ය මණ්ඩලය 6,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් යනු, ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදය උග්‍ර කිරීමට දායකවී ඇති රාජ්‍ය සමාගම් අතරින් විශාලතම සහ මිල අධිකම සමාගමයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින්, සිය ණය මුදල නිදහස කිරීම සඳහා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 51ක් පෞද්ගලීකරණය කළයුතු බවට ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත.
2022 මාර්තු දක්වා ගතවූ වසර තුළ ගුවන් සේවයට රුපියල් බිලියන 163.58 (ඇමරිකානු ඩොලර් මිලියන 525) අහිමි වූ බව ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart