
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැටුප් නොගෙවීම හේතුවෙන් ජෝර්දානයේ සහාබි ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 350කට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවට වාර්තා පළ වී තිබේ.
විපතටපත් පිරිසට අනුව, පසුගිය මාස 18 තුළ කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය ඔවුන්ට වැටුප් ගෙවා නැත.
මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ආහාර හා ජලය නොමැතිව නේවාසිකාගාරවල සිරවී සිටින අතර ඇතැමුන් දැඩි ලෙස රෝගාතුර වීමට එය හේතු වී ඇති බව ඔවුහු පවසති.
විපතට පත් ශ්‍රී ලාංකිකයන් වීඩියෝ පණිවිඩයක් මගින් තම දුක්ඛිත තත්ත්වය දැනුම්දෙමින් වැඩිදුරටත් පවසන්නේ, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තම තත්ත්වය දන්වා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජීවිත හානිසිදුවීමට පෙර තමන් යළි ගෙන්වා ගන්නා ලෙස ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart