
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාසා තීරයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇතැයි වාර්තා වේ.
ඊජිප්තුවට ප්‍රවේශ වන රෆා පිවිසුම විවෘත කළ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ පවසා ඇත.
මේ අතර, ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පමණ ලබාදීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබේ.
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ගාසා තීරයෙන් පිටවිය හැකි ඊශ්‍රායලය හරහා පමණක් පාලනය නොවන එකම පිවිසුම රෆා බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන මේ වනවිට 4500 ඉක්මවා ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart