
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 දී ගුවන් යානයක් තුළදී පිරිනමන ලද මාංශමය ආහාර වේලක් භුක්තිවිඳීමේදී හුස්ම හිරවීමෙන් මියගිය බවට වාර්තා වන ශ්‍රී ලාංකික නිර්මාංශ ආහාර ලබාගන්නා වෛද්‍යවරයකුගේ පවුලේ සාමාජිකයන් විසින් සිද්ධියට සම්බන්ධ ගුවන් ගමන මෙහෙයවූ කටාර් ගුවන් සේවයට එරෙහිව නඩු පවරා ඇත.
දකුණු කැලිෆෝනියාවේ පදිංචි වෛද්‍ය අශෝක ජයවීර නමැති වෛද්‍යවරයා සිද්ධියෙන් එලෙස මියගොස් ඇත්තේ ලොස් ඇන්ජලීස් අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකාව බලා පියාසර කරන කටාර් එයාර්වේස් ගුවන් යානයකට ගොඩවීමෙන් පසුවය.
ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා අනුව, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ඔහුගේ පවුලේ සාමාජිකයන් 2023 දී වෛද්‍යවරයාගේ මරණයට වගකිව යුතු බවට ගුවන් සේවයට චෝදනා කර ඇත.
වෛද්‍ය ජයවීරගේ පුත් සූර්යා මේ සම්බන්ධයෙන් පළමුවරට කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණයේ පැමිණිල්ල ගොනුකළේ 2025 ජූලි 31 වැනි දින වන නමුත් එය ඔක්තෝබර් 3 වැනි දින මධ්‍යම කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණය වෙත යොමුකර තිබේ.
නිර්මාංශ වෛද්‍යවරයා ගුවන් යානයේදී ආහාර ඇනවුම් කළ ද නිර්මාංශ ආහාර අවසන් වී ඇති බව පවසමින් ගුවන් සේවිකාවන් මාංශ ආහාරවේලක් ලබාදී එය භුක්ති විඳින ලෙස පවසා ඇතැයි වාර්තා වේ.
එහිදී ආහාර කැබැල්ලක් සිරවීමෙන් වෛද්‍යවරයා මියගොස් ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයින් නඩුව ගොනුකරමින් චෝදනා කර ඇත.
එම ආහාරය ගැනීමේදී වෛද්‍යවරයා හුස්ම හිරවීමේ තත්වයකට මුහුණ පා ඇති අතර ඔහුට කටාර් ගුවන් යානයේදී වෛද්‍ය ආධාර ලබා දුන් බව ද පැවසේ.
කෙසේවෙතත් ආක්ටික් සාගරයට ඉහළින් ගමන් කරන බැවින් ගුවන් යානය ගොඩබෑමට නොහැකි බව නියමුවන් දැනුම් දී ඇති අතර ගුවන් යානය තුළ ඔක්සිජන් ලබාදීමට පියවර ගෙන තිබේ.
අනතුරුව කටාර් ගුවන් යානය එක්සත් රාජධානියේ එඩින්බර්ග් වෙත ගොඩබස්වා, එහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රෝහලකට ඇතුළත් කර තිබේ.
එහෙත් අවසානයේ ඔහු 2023 අගෝස්තු 3 වැනි දින එඩින්බරෝ හිදී මියගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart