
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට වසර හයකට පමණ පෙර ෆේස්බුක් හරහා මුණගැසුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ තරුණයෙක් සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික 25 හැවිරිදි තරුණියක් ඉන්දියාවට ගොස් තිබේ.
ශිවකුමාරි විග්නේෂ්වරී නමැති මෙම තරුණිය ජූලි 08 වැනිදා ආන්ද්‍රා ප්‍රදේශයට ගොස් ඇති අතර, ඉන්පසු ජූලි 20 වැනිදා එරට වෙසෙන 28 හැවිරිදි ලක්ෂ්මන් සමඟ කෝවිලකදී විවාහ වී ඇත.
සංචාරක වීසා මත ඉන්දියාවට ගොස් ඇති ඇය, එරට රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමක් අපේක්ෂා නොකරන්නේ නම්, ඇයගේ වීසා බලපත්‍රය අගෝස්තු 15 දින අවසන් වූ පසු යළිත් මෙරටට පැමිණීමට සිදුවන බව ඇයට දන්වා ඇතැයි The Times of India වාර්තා කර තිබේ.
චිත්තූර් දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරී වයි රිෂාන්ත් රෙඩ්ඩි විසින් මේ සම්බන්ධයෙන් මෙම තරුණියට දැනුම්දීමක් කර ඇත.
විග්නේශ්වරී ඉන්දීය පුරවැසිභාවය සඳහා අයැදුම් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව ඇයගේ රැඳී සිටීමේ කාලය වසරක් දක්වා දීර්ඝ කිරීම සඳහා දැනටමත් ඉල්ලුම් කර ඇති බවත්, වාර්තා සඳහන් කරයි.
තරුණයාගේ පවුලේ අය ඔවුන්ගේ විවාහයට ආශීර්වාද කර ඇති අතර, එම විවාහය නිල වශයෙන් ලියාපදිංචි කරන ලෙස පොලිසිය ද ඔවුන්ට උපදෙස් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart