
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුරකථන ඇමතුම් ඔස්සේ අසභ්‍ය ලෙස තර්ජනය කිරීම සම්බන්ධයෙන් රූපවාහිනී විධායකයකු ලෙස පෙනී සිටි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයකුට ඕස්ට්‍රේලියාවේදී වසර දෙකක සිර දඬුවමක් නියම වී තිබේ.
එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම දඬුවම නියමවී ඇත්තේ 56 හැවිරිදි ජෙරාඩ් සිසිල් වාමදේවන් නැමති පුද්ගලයාටය.
එක් මවකට ඔහු දුරකථන ඇමතුම් සිය ගණනක් ලබාදෙමින් හිරිහැර කර ඇත්තේ ඇගේ “දියණිය දූෂණය කර කැබලිවලට කපන” බව පවසමිනි.
වමාදේවන්හට නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී දඬුවම් නියම කරනු ලැබුවේ, වංචා කිරීම සඳහා ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කිරීම සහ හිරිහැර කිරීම සඳහා මැදිරි සහිත රථයක් භාවිත කිරීමේ පිළිබඳ චෝදනා කිහිපයකට ඔහු වරද පිළිගැනීමෙන් පසුවය.
2018 ජනවාරි 1 සිට 2022 ජනවාරි 22 දක්වා කාලය තුළ විවිධ වින්දිතයන් 19 දෙනෙකුගෙන් චෝදනා එල්ල වී තිබිණි.
ඔහු වින්දිතයන්ගේ අංකය ලබා ගැනීමට පෙනී සිට ඇත්තේ Channel 7 නාලිකාවට සම්බන්ධ අයකු ලෙසයි.
තම ආයතනයට වාමදේවන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව Channel 7 තහවුරු කර තිබේ.
වාමදේවන් පසුව ඔවුන්ට නිර්නාමික දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දෙමින් අසභ්‍ය ලෙස බැනවැදී ඇති අතර වින්දිතයින් කිහිප දෙනෙකු “දූෂණය” කරන බවට ද තර්ජනය කර තිබේ.
වාමදේවන්ට දඬුවම නියම කරමින් විනිසුරු Paul McGuire SC පැවසුවේ වාමදේවන්ට 2019 දී ප්‍රාදේශීය අධිකරණයකින් චෝදනා එල්ල වූ පසුව හෝ සිය ඇවතුම් පැවතුම් වෙනස් කර ගැනීමට ඔහු අපොහොසත් වී ඇති බවයි.
ඔහුට වසර දෙකක සිරදඬුවමක් නියම වූ නමුත් යහපත් හැසිරීම මත වසරකුත් මාස තුනකට පසුව නිදහස් වීමේ හැකියාව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart