August 2, 2023

සරණාගතභාවය පතා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකක්, තමාට එරට ස්ථිර පදිංචිය ලබාගැනීම කෙරෙහි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස්ගේ අවධානය දිනාගැනීම සඳහා, කිලෝමීටර් 1000ක දුර පාගමනක් ආරම්භ කර තිබේ.

ඔහු බැලරට් සිට සිඩ්නි දක්වා පාගමනින් යෑමට සැලසුම් කර ඇත.

නීල් පැරා නම් මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය වික්ටෝරියානු නගරයක් වන බැලරට් හි වසර 08 කට වැඩි කාලයක් වීසා නොමැතිව ජීවත් වේ.

ඔහු දශකයකට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නමුත්, නව වීසා නියමයන් යටතේ ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් නොලබන ආසන්න වශයෙන් 12,500 දෙනකුගෙන් කෙනෙකි.

2008 දී සිවිල් යුද්ධය මධ්‍යයේ පැරා ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට පළාගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ වන සුගාද හැරදමා ය.

පසුව, 2012 දී, මාස අටක ගැබිණි බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ, පැරා ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියානු බාහිර ප්‍රදේශයක් වන ක්‍රිස්මස් දූපතට බෝට්ටුවකින් ගමන් කළේය.

අනතුරුව මෙම පවුල ඩාවින්හි රැඳවුම් මධ්‍යස්ථානයක කාලය ගත කළ අතර, 2013 සැප්තැම්බර් මාසයේදී ඔවුහු බැලරට් වෙත ගොස් තිබේ.

පැරාගේ බාල දියණිය දැන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති නමුත්, පවුල ඕනෑම අවස්ථාවක පිටුවහල් කිරීමේ අවදානමට මුහුණ දී සිටී.

පැරා සිය පාගමනේ, සැප්තැම්බර් 09 වන විට සිඩ්නි පැමිණීමේ ඉලක්කය සමඟ සෑම දිනකම කිලෝමීටර් 30 ක් පමණ ඇවිදීමට සැලසුම් කර ඇත.

පැරා සිඩ්නි වෙත පැමිණීමෙන් පසු අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත ලබාදීම සඳහා මාර්ගගත පෙත්සමකට අත්සන් 11,500 කට වඩා රැස් කර ඇත.

42.31%
17.27%
32.76%