May 22, 2023

ශ්‍රී ලංකා රුපියල 2023 වසර ආරම්භයේ සිට මැයි 19 වැනිදා දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 18.7 % කින් අධිප්‍රමාණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරයි.

මෙම කාලසීමාව ඇතුළත අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණ වී තිබේ.

ඒ අනුව, ජපාන යෙන් එකකට සාපේක්ෂව 24.1% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.4%කින්, යුරෝ එකකට සාපේක්ෂව 17.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7%කින් අදාළ කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණ වී ඇත.

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණ වී තිබේ.