
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මූලස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ ශ්‍රී ලංකා සාම සාධක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.
සාමසාධක භටයන් දෙදෙනාම රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ලෙබනනයේ ශ්‍රී ලංකා සාම සාධකභටයන් 125ක් යොදවා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ තවත් අන්තර්ජාතික සංවිධාන රැසක් ප්‍රහාරය හෙළාදැක තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් පවා කළ අතර, කලාපයට යොදවා ඇති සියලුම සාමසාධක භටයන්ගේ ආරක්ෂාව සහතික කරන බව අවධාරණය කළේය.
කෙසේවෙතත්, සිකුරාදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart