
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජයන්ති කුරු-උතුම්පාල, ස්විට්සර්ලන්තයේ මැටර්හෝන් කන්ද සාර්ථකව තරණය කිරීමට සමත් වූවාය.
පසුගිය අටවැනිදා ඇය මෙම දස්කම දැක් වූ අතර එයා ඇයට වැදගත් වූයේ වසර 9කට පෙර මියගිය පියාගේ ජන්ම දිනය එදිනට යෙදී තිබුණු බැවිනි.
මැටර්හෝන් ඇල්ප්ස් කඳුවැටියට අයත් වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 4,478 (අඩි 14,692) උසින්, ස්විට්සර්ලන්තය සහ ඉතාලිය අතර දේශසීමාවේ පිහිටි කඳු මුදුනකි.
කුරු-උතුම්පාල සහ ඇගේ මාර්ගෝපදේශක නිකොල් බර්තොඩ්, කඳු මුදුනට යෑමට පෙර දින අටක් උස් කඳුකරයට හුරුවී ඇති අතර කඳු තරණය සඳහා පැය 10ක කාලයක් ගත වී තිබේ.
කඳු නැගීම “පුදුමාකාර අත්දැකීමක්” බවත්, තම පවුලේ අය, මිතුරන් සහ අනුග්‍රාහකයන්ගේ සහයෝගයට තමා “ඉතා කෘතඥ වන” බවත්, ඇය කඳු මුදුනේ සිට ගත් ඡායාරූපයක් සමග සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණි.
එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරු – උතුම්පාල ඇන්කොගුවා, කිලිමන්ජාරෝ වැනි අභියෝගාත්මක කඳු මුදුන් සාර්ථකව තරණය කිරීමට සමත්ව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart