
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මියන්මාර මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවල ප්‍රධාන ධීවරයන්ට මියන්මාර අධිකරණයක් වසර 5ක සිරදඬුවම් නියම කර තිබේ.
අත්අඩංගුවට ගත් අනෙක් ධීවරයන් 13 දෙනාට වසර 3 බැගින් සිර දඬුවම් නියම කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර පවසයි.
කෙසේවෙතත්, එම ධීවරයන් පොදු සමාව යටතේ නිදහස් කරනු ඇතැයි තානාපතිවරයා අපේක්ෂා කරයි.
මියන්මාර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් කල්පිටිය සහ මීගමුව ප්‍රදේශවලින් පැමිණි ධීවරයන් වන අතර පසුගිය නොවැම්බරයේ ‘රයන්පුතා’ සහ ‘ලෝරන්ස්’ යන යාත්‍රා දෙකකින් මුහුදු ගොස් ඇති බවට වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart