
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජංගම දුරකතන සහ දුම්කොළ අඩංගු පාර්සල් 2ක් වැලිකඩ බන්ධනාගාරයට විසිකළ බව කියන බන්ධනාගාර රියැදුරා පළාගොස් ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
එම එක් පාර්සලයක කුඩා ජංගම දුරකතන 10ක් හා දුම්කොළ 20ක්ද, අනෙක් පාර්සලයේ කුඩා ජංගම දුරකතන 2ක් හා දුම්කොළ 20ක් අඩංගුව තිබී ඇතැයි දැනගන්නට ඇත.
එම රියැදුරා වැලිකඩ බන්ධනාගාරයේ පර්යේෂණ විශෝධන පුහුණු පාසල අසල තාප්පයෙන් ජංගම දුරකතන සහ දුම්කොළ අඩංගු පාර්සල බන්ධනාගාරයට විසිකිරීමේ දී එකක් කම්බි වැටේ පැටළී ඇතැයිද, අනෙක් පාර්සලය තාප්පයේ ගැටී නැවතත් මාර්ගය වෙත වැටී ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එම අවස්ථාවේදී අදාළ රියැදුරුව ඒ ආසන්නයේ බැරැක්කේ සිටි බුද්ධි නිලධාරීන් විසින් අල්ලාගෙන ඇති අතර, ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මේ වනවිට ඔහු සේවයට වාර්තා නොකර පළාගොස් ඇතැයිද වැඩිදුර ආරංචිමාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart