
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023-05-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, පසුගිය කාලසීමාව තුළ අදාළ රක්ෂණාවරණයන් සලසා දී ඇත.
2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා වූ රුපියල් 1,000,000/-ක රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000/- දක්වා අඩු කිරීමට යෝජනා කරන ලදී.
ඒ අනුව, 2025-10-09 දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා වන රක්ෂණාවරණයේ ප්රතිලාභ රුපියල් 250,000/- ක් දක්වා සීමාකරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණාවරණයක් සලසා දීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart