
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීෂෙල්ස් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයකුට අමෙරිකානු ඩොලර් 41,000ක දඩයක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.
එරට පොලිසිය පවසන පරිදි මෙම දඩය නියම වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 24 වැනි දින සීෂෙල්ස් සුවිශේෂී ආර්ථික කලාපයේදී අත්අඩංගුවට ගත් ‘රන් කුරුල්ලා 4’ යාත්‍රාව භාරව සිටි 43 හැවිරිදි මාකවිට ලියනගේ දිලේෂ්ටය.
විත්තිකරු වරද පිළිගෙන අධිකරණයේ කාලය නාස්ති නොකළ බව නඩුවේ සභාපති විනිසුරුවරයා සැළකිල්ලට ගෙන තිබේ.
වරදකරු විවාහකයකු වන අතර ඔහුගේ දරු දෙදෙනා තවමත් පාසල් යන වයසේ පසුවෙති.
ඔහුගේ පවුල ජීවත්වන්නේ ඔහු ලබන ආදායමෙනි.
තමන් අල්ලා ගත් මසුන් රැගෙන ගොස් සීෂෙල්ස් රුපියල් 35,320කට විකුණූ මුදල් සීෂෙල්ස් ධීවර අධිකාරිය රැගෙන ගිය බව ද ශ්‍රී ලාංකිකයා අධිකරණයට හෙළිකළේය.
දඩ මුදල දින 60ක් ඇතුළත ගෙවිය යුතු අතර එය නොගෙවන්නේනම් වැරදිකරුට මාස 18ක සිරදඬුවමක් ලැබෙනු ඇත.
මේ අතර, මේ මස මුලදී, සීෂෙල්ස් සුවිශේෂී ආර්ථික කලාපයේදී විදේශීය යාත්‍රා 18ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් අට දෙනෙකු රැගත් ශ්‍රී ලංකාවෙන් පැමිණි යාත්‍රාවක් ද විය.
බටහිර ඉන්දියන් සාගරයේ දූපත් සමූහයක් වන සීෂෙල්ස්හි වර්ග කිලෝමීටර මිලියන 1.4ක විශාල සුවිශේෂී ආර්ථික කලාපයක් ඇති අතර එය එම මුහුදු කලාපයේ නීති විරෝධී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේදී අභියෝගයක් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart