
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එල්නිනෝ කාලගුණික විපර්යාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආහාර ද්‍රව්‍ය සපයන ප්‍රධාන විදේශීය වෙළෙඳපොළවල ඇති විය හැකි බලපෑම් හමුවේ, රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බව නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව විසින් පරිප්පු, ලූනු, අර්තාපල් සහ සීනි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි.
මේ පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සීනි වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ බ්‍රසීලයෙන් වන අතර පරිප්පු ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවෙන් සහ කැනඩාවෙන් ආනයනය කරන බවයි.
“අපි පරිප්පු වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඊට අමතරව සියයට 20 ක පමණ ප්‍රමාණයක් කැනඩාවෙන් ගෙන්වනවා. අපි ගෙන්වන්නේ නොකඩන ලද සම්පූර්ණ පරිප්පු (Whole lentils) වන අතර, ඒවා රට තුළ පිහිටි අපගේ සකස් කිරීමේ මධ්‍යස්ථානවලදී සකස් කරගනු ලබනවා. ඒ නිසා හිඟයකින් තොරව පවත්වාගෙන යාමට අපට පුළුවන්. එමෙන්ම, ඉන්දියාව විසින් සීනි අපනයනය තහනම් කිරීමත් සමග අපගේ ප්‍රධාන සීනි සැපයුම්කරු බවට පත්ව තිබෙන්නේ බ්‍රසීලයයි,” යනුවෙන් ඔහු පැවසීය.
ඉදිරි මාස කිහිපය සඳහා කිසිදු බාධාවකින් තොරව ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ලූනු සහ අර්තාපල් වැනි ඉක්මනින් නරක් වන භාණ්ඩ සතිපතා ආනයනය කරනු ලබන බව පැවසූ ඔහු, මේ දිනවල ලූනු සඳහා ප්‍රධාන වෙළෙඳපොළ ඉන්දියාව වන අතර අර්තාපල් ප්‍රධාන වශයෙන් පාකිස්තානයෙන් ආනයනය කරන බව ද කියා සිටියේය.
“මෙවැනි භාණ්ඩ කල්තියා ආනයනය කර තබාගැනීමට සැලසුම් කරන්න බෑ. ලබන ජනවාරි මාසය දක්වා දැනට සැලසුම් සකස් කර ඇති බැවින් දැනට ප්‍රශ්නයක් නෑ. කෙසේ වෙතත්, වෙළෙඳ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඉදිරි තත්ත්වය පිළිබඳව තක්සේරුවක් කිරීමට නම් නොවැම්බර් මාසය අවසන් වන තෙක් සිටීමට සිදු වෙනවා,” යැයි ද ඔහු පැවසීය.
මේ අතර, මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.
එම තත්ත්වය හමුවේ කොත්තමල්ලි වැනි ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart