
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සහ පැරා ඔලිම්පික් ක්රීඩා උළෙලට සූදානම් වීම සඳහා ක්රීඩා ඇමැති හරීන් ප්රනාන්දු විසින් ඉහළ කාර්ය සාධන සංචිතය සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 58 දෙනකුගෙන් යුත් සංචිතයක් නිර්දේශ කර ඇත.
පැරිස් ගිම්හාන ඔලිම්පික් ක්රීඩා උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා සහ පැරාලිම්පික් ක්රීඩා උළෙල අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා ප්රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ.
පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙල සඳහා විවිධ ක්රීඩා ඉසව් 11කින් ක්රීඩක ක්රීඩිකාවන් 33 දෙනකු සූදානම් වන අතර, විවිධ ක්රීඩා අංශ අටකින් ක්රීඩක ක්රීඩිකාවන් 25 දෙනකු පැරාලිම්පික් ක්රීඩා උළෙල සඳහා සූදානම් වන බව ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්රනාන්දු ඊයේ ප්රකාශ කළේය.
ක්රීඩක ක්රීඩිකාවන් 33 දෙනාගෙන් 19 දෙනකුම පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව් තරඟ වදිනු ඇත.
ඔලිම්පික් ක්රීඩා උළෙල සඳහා මලල ක්රීඩා (19), බැඩ්මින්ටන් (1), බොක්සිං (2), කිමිදීම (1), ජිම්නාස්ටික් (2) ජූඩෝ (1), වෙඩි තැබීම (2), ස්කොෂ් (1), පිහිනුම් (1), බර ඉසිලීම (2) සහ මල්ලවපොර (1)ක් වශයෙන් ක්රීඩක ක්රීඩිකාවෝ සහභාගී වෙති.
පැරිස් පැරාලිම්පික් ක්රීඩා සඳහා මලල ක්රීඩා (13), වායු රයිෆල් (3), දුනු ශිල්පය (2), පිහිනුම් (2) රෝද පුටු ටෙනිස් (2), බැඩ්මින්ටන් (1), ඔරු පැදීම (1) සහ මේස පන්දු (1) වශයෙන් ක්රීඩක ක්රීඩිකාවෝ සහභාගී වෙති.
පැරා ඔලිම්පික් ක්රීඩා ඉතිහාසයේ ශ්රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් හතරක් දිනාගෙන තිබේ.
දිනේෂ් ප්රියන්ත 2020 දී රන් පදක්කම, 2016 දී ලෝකඩ පදක්කම, ප්රදීප් සංජය 2012 දී ලෝකඩ පදක්කම සහ දුලාන් කොඩිතුවක්කු 2020 දී ලෝකඩ පදක්කම මෙලෙස දිනාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart