
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්රී ලාංකික අනෝජන් සිවරාසා හමුවී ඔහුගේ ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් පියවර ගෙන තිබේ.
අනෝජන් සිවරාසාට මීට පෙර නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීම සඳහා යොමු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇත.
එහිදී ඉදිරි අධිකරණ ක්රියාමාර්ග පිළිබඳව අනෝජන් සිවරාසා දැනුවත්කිරීම සහ ඒ සඳහා අවශ්ය නීතිමය සහාය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. නඩුවට අදාළ කරුණු අධිකරණ ක්රියාවලිය තුළ නිසි පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.
ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් අනෝජන් සිවරාසා, ඔහුගේ නීතිඥවරුන් සහ ශ්රී ලංකා තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.
අනෝජන් සිවරාසාට අවශ්ය නීතිමය සහ කොන්සියුලර් සහාය අඛණ්ඩව ලබාදීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව තානාපති අමේර් අජ්වාඩ් ප්රකාශ කර ඇත.
මේ අතර, බන්ධනාගාර බලධාරීන් හමුවූ තානාපතිවරයා, අනෝජන් සිවරාසා මහතාගේ සුබසාධනය පිළිබඳව අඛණ්ඩව සැලකිලිමත් වීම සහ ශ්රී ලංකා තානාපති කාර්යාලයට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළකර තිබේ.
මෙම කටයුතුවලදී සෞදි අරාබියේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ එරට නීතිමය ක්රියාපටිපාටියට පූර්ණ ගරුත්වය ලබාදෙන බව ද තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart