
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේදි අද(10) ආරම්භ වූ 12වැනි ආසියානු යොවුන් නෙට්බෝල් ශුරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය හෙට(12) පැවැත්වේ.
බෘානායි කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එහිදී තරග වැදිමට නියමිතය.
අනතුරුව සිංගප්පූරුව,චීන තායිපේ කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව තරග වදිනු ඇත.
1998,2002 සහ 2015 යන වසරවලදි ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් ශුරතාව ජයගෙන ඇති අතර පස්වතාවක් අනුශුරයින් වි ඇත.
2019 වසරේදි තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
මෙවර ආසියානු යොවුන් නෙට්බෝල් ශුරතාව සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය 21 හැවිරිදි සජිනි රත්නායකට හිමිව ඇත.
මෙවර තරගාවලිය සදහා විනිසුරුවන් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරංග සිතාර සහ නිරෝෂන් සදරංග සහභාගි වී සිටිති.
තරගාවලිය ලබන 17 වනදා දක්වා කණ්ඩායම් 11කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart