September 18, 2026

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සමේ නියෝගය සැප්තැම්බර් 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම අද (18) සලකා බැලීමෙන් අනතුරුව මෙම නිවේදනය සිදුකරන ලදී.

ඒ අනුව, අදාළ පෙත්සම පිළිබඳ තීන්දුව සැප්තැම්බර් 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.