
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත්කර නැත.
එය අද දිනයේ කුමන මොහොතක හෝ ප්‍රකාශ කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත්, එළැඹෙන ලෝක කුසලානය සඳහා වන සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් නොකළේ මන්දැයි ප්‍රේක්ෂකයන්ට ඇත්තේ බරපතල ප්‍රශ්නයකි.
කෙසේහෝ, වේවා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අද රාත්‍රියේ කණ්ඩායම සමඟ ඉන්දියාවට නොයනු ඇත.
මහේෂ් තීක්ෂණ සතියකට පසු ඔහුගේ ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබීමෙන් පසු කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වනිඳු හසරංග ආබාධයෙන් මිදී ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩ අල්පය.
වනිඳු වෙනුවට චාමික කරුණාරත්න හෝ දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවන්නේද යන්න පිළිබඳව තේරීම් කමිටු සාකච්ඡා පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය ද තවමත් සංචිතය නම් කර නොමැති නමුත් ඔවුන්ද හෙට ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහත ක්‍රීඩකයන් 17 දෙනාගෙන් නම් කිරීමට ඉඩ ඇත :
දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ළහිරු කුමාර, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඩිල්ශාන් මදුශංක චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart