
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීම මගින් ජනමාධ්‍ය මර්දනයට සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන තර්ජනය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දැඩි ලෙස හෙළාදකිනු ලබයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරී ලක්මාලි හේමචන්ද්‍ර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, කථානායකවරයාගේ නියෝගයෙන් බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී ජනසම්පත් දිසානායක එළඹෙන බ්‍රහස්පතින්දා (23) දින පස්වරු 2.00 ට පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවා ඇත.
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසිය දක්වන මන්දගාමී පිළිවෙත පිළිබඳව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විවෘත අධිකරණයේදී චෝදනා කර තිබිණි. ඊට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවමින් දෝෂාරෝපණය කිරීම පිළිබඳව බීබීසී (BBC) සිංහල සේවය වාර්තා කර තිබිණි. මෙම වාර්තා කිරීම පදනම් කරගනිමින් එහි ජනමාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර මෙලෙස සංගමයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු කිසිදු නිල හෝ නීතිමය බලයක් නොමැති පාර්ලිමේන්තු අභ්‍යන්තරයේ ක්‍රියාත්මක මන්ත්‍රීවරියන්ගේ සුබසාධක ‘මහිලා සමිතියක්’ පමණක් බවත්, මෙවැනි පසුබිමක අදාළ සිදුවීමට මැදිහත් වූ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියගෙන් ප්‍රශ්න කිරීමට එම සංසදය ගත් උත්සාහය සහ ඊට අදාළ තොරතුරු සමාජගත කිරීමේ වගකීම ඉටුකළ මාධ්‍යවේදීන් මෙලෙස වරප්‍රසාද කමිටුවට කැඳවීම, ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට මෙන්ම ජනමාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතල තර්ජනයක් බව ද සංගමය පෙන්වා දෙයි.
දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් මත ජනමාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව වෙත කැඳවමින් සිදුකරන මෙම තර්ජනාත්මක ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවෙන් සහ පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ආණ්ඩුවේ මෙම මර්දනකාරී ප්‍රවේශයට සහ නිදහස අහිමි කිරීමේ උත්සාහයට එරෙහිව නැගී සිටින ලෙස සියලුම මාධ්‍ය, සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියන්ගෙන් ද සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart