
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයර්ලන්තය සමග තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස තරගාවලියේ ඊයේ පැවැති පළමු තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ඩබ්ලින් හි පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 145ක් රැස්කළේය.
එහිදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙකක් බිඳහෙළීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිඩිකාවෝ පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් තරගය ජයගත්හ.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම පන්දු 45කදී නොදැවී ලකුණු 85ක් රැස්කළාය.
ඊට හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart