
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවැත්වෙන ASBC ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලියේ ඊයේ පැවති අටවන දිනයේදී ශ්‍රී ලංකාව තවත් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් වී තිබේ.
කිලෝග්‍රෑම් 75 ක බර පන්තියේ තරගයකදී කුමාරගේ ජයංග සංචිත් පෙරේරා, කිලෝග්‍රෑම් 54 බර පන්තියේ තරගයකදී හිරුණි එරන්දිකා ප්‍රනාන්දු සහ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ තරගයකදී මලිති පුන්සරා මෙලෙස පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.
ජයංග කසකස්තානයේ ඡසුලාන් බර්ඩාලිට එරෙහිව පළමු වටයේ දීම පරාජය විය.
මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රනාන්දු පවුලේ තුන්වැනි සහෝදරිය වන කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා සිසුවියක වන හිරුණි, වියට්නාම ප්‍රතිවාදියා වූ ති තොම් වූ හමුවේ පරාජය වුයේ තුන්වැනි වටය දක්වා තරග කිරීමෙන් පසුවයි.
මහනුවර හේමමාලි විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන මලිති පළමු වටයේ මැද භාගයේ සිටම කසකස්තානයේ අක්නූර් ටර්සින්ගාලි හමුවේ පසුබැස්ස ද තාක්ෂණික පහරවල් ඔස්සේ තරමක් දුරට සිය ගෞරවය රැකගැනීමට සමත් වූවාය.
ඒ අනුව ඔවුන් තිදෙනාටම ලෝකඩ පදක්කම්වලින් සෑහීමට පත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව දැනට ලෝකඩ පදක්කම් 14ක් දිනා ඇති අතර ලබන සිකුරාදා තරගාවලිය අවසන් වීමට පෙර අවම වශයෙන් පදක්කම් 22ක් හිමිකරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද පැවැත්වීමට නියමිත වයස අවුරුදු 22න් පහළ පිරිමි අවසන් පූර්ව වටයට රන් පදක්කම් අපේක්ෂා කරන්නන් සහ වත්මන් ශ්‍රී ලංකා ජාතික ශූරයන් වන උමයංග මිහිරාන් සහ උසයිත් යස්මින් ඇතුළුවශ්රී ලාංකික ක්‍රීඩකයන් පස් දෙනෙකු සහභාගී වනු ඇත.
යුධ හමුදාවේ සමරකෝන් දසුන්ප්රියා තරඟාවලියේදී උස්බෙකිස්තානයේ බෙහ්රුස් කොල්ඩොරොව්ට එරෙහිව කිලෝග්‍රෑම් 48ක බර පන්තියකින් තරඟ වදිනු ඇත.
මිහිරාන්, උසේන් කරුණානායක, සහ දේශාන් ජයසුන්දර ඔවුන්ගේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ ජයග්‍රහණය කිරීමෙන් පසු පදක්කම් වටයට පිවිස ඇත.
මිහිරාන් (කිලෝග්‍රෑම් 51) ටජිකිස්තානයේ මෙරොජ් සුෆිජොනොව්ට මුහුණ දෙනු ඇත.
කරුණායක (කිලෝග්‍රෑම් 54) පකිස්තානයේ උමාර් රාසා ඛාන්ට මුහුණ දෙනු ඇති අතර ජයසුන්දර (කිලෝග්‍රෑම් 60) කසකස්තානයේ නුරිස්ලම් කල්ඩිබයෙව්ට එරෙහිවත් උසේන් (කිලෝග්‍රෑම් 75) අවසන් පූර්ව තරඟයේදී කිර්ගිස්තානයේ ඩැනියෙල් ඇඩ්බ්ඩ්රැකම්ටත් මුහුණ දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart