
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානයට එරෙහිව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි පන්දුවාර 20 තරගය ලකුණු 72කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (19) හැකිවිය.
ඒ අනුව, එක් තරගයක් ඉතිරිව තිබියදි තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය ද ශ්‍රී ලංකාව ජයගත්තේය.
මෙම තරගයේදි නායක වනිදු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20 පිටියේ කඩුලු 100 සීමාව පසුකළේ එවැනි දස්කමක් කළ දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ලසිත් මාලිංග ඊට පෙර එම කඩඉම පසුකළේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 187ක් රැස්කළේය.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22කදී නොදැවී ලකුණු 42ක් ලබාගත් අතර ඊට හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 02ක් ඇතුළත් විය.
සධීර සමරවික්‍රම අවසන් පන්දුවේදි හිට් විකට් ලෙස ලකුණු 51කට දැවීගියේය.
සධීර සහ මැතිව්ස් 06 වැනි කඩුල්ලට ලකුණු 66ක සම්බන්ධාත්වක් ගොඩනගන ලදි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඇෆ්ගනිස්ථාන ඉනිම පන්දුවාර 17ක් තුළ නිමාවූයේ ලකුණු 115ක් රැස්කරගෙන සිටියදීය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ කඩුලු 02 බැගින් බිඳහෙළනු ලැබුහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart