
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාස්ටර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායමේ බලාපොරොත්තු, බ්‍රයන් ලාරාගේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ඊයේ(14) රාත්‍රියේ බිඳවැටිණි.
රායිපුර් හි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය වූ එය ශ්‍රී ලංකාව පරාජය කරමින් කොදෙව්වන් විසින් ලකුණු 06කින් ජයගන්නා ලදී.
එ අනුව, ඕස්ට්‍රේලියාව පරාජය කර අවසන් තරගය පිවිසි ඉන්දියාව සමග කොදෙව් කණ්ඩායම අනිද්දා (16) තරග වැදීමට නියමිතව තිබේ.
ඊයේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදි කොදෙව් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 179ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 09 දැවී ලකුණු 173ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව ජයග්‍රාහණය කරා රැගෙන යෑමට උත්සාහ කළ අසේල ගුණරත්න හුදෙකලා ඉනිමක් ගොඩනගමින් ලකුණු 66ක් රැස්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart