
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස තිබේ.
ඒ, අමෙරිකා කාන්තා කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 18කින් ජය ගනිමිනි.
අබුඩාබිහී ට්‍රොලෙරෙන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ලකුණු 123ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 105ක් පමණි.
චමරි අතපත්තු තම පන්දුවාර 4 අවසානයේ ලකුණු 14කට කඩුලු 3ක් බිඳහෙළුවාය.
අවසන් පුර්ව වටයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන තරගය හෙට පැවැත්වීමට නියමිතය.
ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart