
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ඉන්ධන වෙළෙඳපොළ විදේශීය ආයෝජකයන්ට විවෘත කිරීමෙන් පසු මෙරට ආයෝජනය කළ එක්සත් ජනපද Shell – RM Parks සමාගම සහ ඛනිජතෙල් ගබඩා තොග පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අද ගිවිසුමකට එළැඹ තිබේ.
කොලොන්නාව, ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී ගිවිසුමට අත්සන් තැබීම සිදුකර ඇත.
මේ අනුව Shell-RM Parks සමාගමට අයත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ ගබඩා කිරීමට සහ බෙදා හැරීමට සම්බන්ධ කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසේ.
පසුගිය වසරේ ජූලි මස 08 වැනි දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබිණි.
අදාළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර දුන් උපදෙස් මත අද මෙම ගිවිසුම්වලට එළඹ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart