
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය උපාය මාර්ගික මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා සහ පකිස්ථාන නාවික හමුදා අතර යුද අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබුණ ද, එම අභ්‍යාසය සති කිහිපයකට පෙර අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ දෙරට අතර සාමාන්‍ය හමුදා කටයුතුවල කොටසක් වූ යෝජිත අභ්‍යාසය ඉන්දියාවේ මැදිහත්වීමෙන් පසු නවතා දමා ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති ත්‍රිකුණාමලය ඉන්දියන් සාගර කලාපය තුළ අතිවිශාල උපාය මාර්ගික වටිනාකමක් දරයි.
දෙරටේ නාවික හමුදාව ඔවුන්ගේ නිරන්තර ක්‍රියාකාරකම්වලට අනුකූලව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මෙම අභ්‍යාසය සිදු කිරීමට සැලසුම් කර ඇති තිබූ බව ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සති කිහිපයකට පෙර එම නාවික හමුදා අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර තිබූ බවයි.
අභ්‍යාසය නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් හෝ පාකිස්ථානයෙන් නිල ප්‍රකාශයක් නොතිබුණද, ඉන්දියාව සිය විරෝධය සෘජුවම ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දීමෙන් පසුව එය අවලංගු කර ඇතැයි ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
(india today)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart