
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරුන් අතර ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ සිරගතව සිටි ඉරාන නාවිකයින් 09 දෙනකු නිදහස් කර ඇති අතර ඔවුන් ළඟදීම මෙරටින් පිටව යෑමට නියමිතය.
දින කිහිපයකට පෙර ඉරාන විදේශ ඇමැති හුසේන් අමීර් සහ සහ ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්‍රි අතර ටෙහෙරානයේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මානුෂීය පසුබිම මත සහ නුදුරු අනාගතයේ දී දෙරටේ සිරකරුවන් නිදහස් කරන බව නිවේදනය කෙරිණි.
ඒ අනුව අදාළ නාවිකයන් 09දෙනා ශ්‍රී ලංකා බලධාරීන්ගේ නියෝගය පරිදි කොළඹ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය වෙත භාරදී ඇත.
ඉරාන තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය ඇතිව එම ඉරාන නාවිකයන් ඉක්මණින්ම තම මව්බිමට සහ පවුල් වෙත ආපසු යනු ඇත.
එසේම, දෙරට අතර වරදකරුවන් පිටුවහල් කිරීමේ ගිවිසුමේ රාමුව තුළ සහ විදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ උත්සාහයන් තුළින් ඉරාන සිරකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවෙන් ඉරානයට මාරු කිරීමටද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart