
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළු ජූලිය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් එල්ල කර ඇති ඇතැම් චෝදනා ශ්‍රී ලංකාව යළි ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පවසන්නේ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් ශ්‍රී ලංකාවේ ජන සංහාර පිළිබඳ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් මීට පෙර ද අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වෙත දන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ද එම අමාත්‍යංශය නැවත අවධාරණය කර ඇත.
“කැනඩාවේ දේශපාලනයෙන් පැන නගින මෙම චෝදනාව ශ්‍රී ලංකාව සහ කැනඩාව යන දෙඅංශයේම සමගියට සහ වාර්ගික සංහිඳියාවට හිතකර නොවේ,” යනුවෙන් විදේශ අමාත්‍යාංශය පවසයි.
කළු ජූලියට වසර 41ක් සපිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී.
“අදට වසර හතළිස් එකකට පෙර ශ්‍රී ලංකාවේ කොළඹින් දෙමළ සිවිල් වැසියන් සහ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ප්‍රහාර ආරම්භ විය. අහිංසක ජීවිත දහස් ගණනක් අහිමි වූ අතර, තවත් බොහෝ දෙමළ ජනයා තුවාල ලැබූ අතර, ලිංගික හිංසනයට ලක් වූ අතර ඇතැමුන්ට රටින් පළායෑමට බල කෙරිණි. කළු ජූලිය ලෙස හැඳින්වෙන දෙමල විරෝධී සංහාරය දශක ගනනාවක සන්නද්ධ ගැටුමක් බවට පත් වූ ආතතීන් උත්සන්න කළේය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් ලෙස පවතී.”
මෙම දිනයේ මම කැනේඩියානුවන් සමඟ කළු ජූලිය තුළ පීඩාවට පත් වූ සහ ආදරණීයයන් අහිමි වූ සැමට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. අපි එක්ව, මෙම ඛේදවාචකයේ වින්දිතයින්ට ගෞරව කරන අතර සෑම තැනකම සිටින මිනිසුන් සඳහා වෛරයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වඩාත් ඇතුළත් සහ සාමකාමී අනාගතයක් ගොඩනැගීමට නැවත කැපවෙමු.” යනුවෙන් ද කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart