
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, ප්‍රමාණවත් නොවන ශාරීරික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දකුණු ආසියානු රටවල් අතර තුන්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.
ගෝලීය තරබාරුකම නිරීක්ෂණ ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයනයකට අනුව, වයස අවුරුදු 18ට ඉහළ වැඩිහිටියන් ලෙස සැලකෙන පුද්ගලයන්ගෙන් සියයට 37.2ක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවේ.
2022 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ, සාමාන්‍යයෙන් කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු ශාරීරික ක්‍රියාකාරකම් අනුපාතයක් ඇති බවත්, පිරිමින්ගෙන් සියයට 28.7 කට සාපේක්ෂව කාන්තාවන්ගෙන් සියයට 44.8 ක් ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවන බවයි.
ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් සිදුනොකරන දකුණු ආසියානු රටවල් අතර පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර කාන්තාවන්ටසියයට 49.4 ක් ශාරීරිකව අක්‍රියව සිටින බව පැවසේ.
එහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ පාකිස්තානයට වන අතර, අඩු ශාරීරික ක්‍රියාකාරකම් සහිතව සිටින එරට පුද්ගලයන්ගේ ප්‍රතිශතය සියයට 45.7 කි.
මේ අතර 2024 දී මෙරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සිදුකළ ඒකාබද්ධ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ, සිසුන් අතර දුර්වල බර කළමනාකරණයක් පවතින බවයි. ඔවුන්ගෙන් සියයට 21.4 ක් අඩු බරින් යුක්ත වන අතර, සියයට 12.1 ක් අධික බරින් යුක්ත වේ.
එම සමීක්ෂණයට අනුව සියයට 3 ක් තරබාරු බවින් සිටිති.
අඩු බර සාමාන්‍යයෙන් මන්දපෝෂණයේ ප්‍රතිඵලයක් වන අතර, අධික බර සහ තරබාරුකම සෞඛ්‍යයට අහිතකර ආහාර නිතිපතා පරිභෝජනය, දුර්වල ආහාර පුරුදු සහ ශාරීරික ව්‍යායාම නොමැතිකම සමඟ සම්බන්ධ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart