
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ අන්ත දිළිඳු පවුල් ලක්ෂ 04ක් වාසය කරන බව මුදල් අමාත්යංශය හඳුනාගෙන ඇත. එසේම ‘දුප්පත්’ යන වර්ගීකරණය යටතට වැටෙන පවුල් ලක්ෂ 08ක්ද මෙරට වාසය කරන බව අමාත්යංශය පවසයි. ඊට අමතරව ‘අවදානමට ලක් වූ’ වර්ගීකරණය යටතේ පවුල් ලක්ෂ 04ක්ද, ‘සංක්‍රාන්තික’ වර්ගීකරණය යටතේ තවත් පවුල් ලක්ෂ 04ක්ද මෙරට වාසය කරන බව අමාත්යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පවුල් ලක්ෂ 20කට සහන සැලසෙන සුබ සාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් මුදල් අමාත්යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙම තොරතුරු දැක්වේ. එම වැඩසටහන 2023 ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ කාණ්ඩ හතරක් යටතේ දිළිඳු පවුල් ලක්ෂ 20කට පමණ මෙමගින් නිශ්චිත කාල රාමුවක් සඳහා මේ යටතේ සහන හිමි වන බවයි.
ඒ අනුව අන්ත දිළිඳු වර්ගීකරණය යටතේ හඳුනා ගැනෙන පවුල් ලක්ෂ 04ක් සඳහා වසර තුනක කාලයක් මාසිකව රුපියල් 15,000/=ක සහනාධාර හිමිවේ. දුප්පත් වර්ගීකරණය යටතේ හඳුනා ගැනෙන පවුල් ලක්ෂ 08ක් සඳහා වසර තුනකට ලැබෙන මාසික සහනාධාරවල වටිනාකම රුපියල් 8,500/=කි. අවදානමට ලක් වූ වර්ගීකරණය යටතේ පවුල් ලක්ෂ 04ක් වෙනුවෙන් ලබන වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ මාසිකව ලැබෙන ප්‍රතිලාභය රුපියල් 5,000/=කි. සංක්‍රාන්තික වර්ගීකරණය යටතේ වන පවුල් ලක්ෂ 04ක් සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා රුපියල් 2,500/= බැගින් මාසික ප්‍රතිලාභ හිමි වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart