Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අගමැති හරිනි අමරසූරියගේ සහ ඇමැති විජිත හේරත්ගේ රුව සහිත තැපැල් මුද්දර සම්බන්ධයෙන් පැතිර යන වාර්තා පැහැදිලි කරමින් තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ එම මුද්දර පුද්ගලාරෝපිත මුද්දර පමණක් වන බවයි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස පැමිණි හරිනි අමරසූරිය සහ විජිත හේරත් වෙත ඔවුන්ගේ රුව සහිත පුද්ගලාරෝපිත සමරු තිළිණ දෙකක් ප්‍රදානය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පුද්ගලාරෝපිත මුද්දර සමරු මුද්දර කාණ්ඩයට අයත් වන අතර ඒවා තනිකරම සිහිවටන ලෙස අදහස් කෙරේ.
මෙම මුද්දර නිල තැපැල් මුද්දර නොවන අතර තැපැල් කටයුතු සඳහා භාවිත නොකරන බව දෙපාර්තමේන්තුව පවසයි.
සම්ප්‍රදායේ කොටසක් ලෙස, දෙපාර්තමේන්තුව විශේෂ අවස්ථාවන්හිදී සිහිවටන ලෙස එවැනි පුද්ගලාරෝපිත මුද්දර සපයයි.
ඕනෑම අයකුට තමන් කැමති පින්තූර භාවිත කරමින් පුද්ගලාරෝපිත මුද්දර නිර්මාණය කළ හැකි නමුත් ඒවා නිල තැපැල් සේවාවන්හි කොටසක් නොවන බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
150 වැනි තැපැල් දිනය නිමිත්තෙන් සහ 2024 ලෝක තැපැල් දිනය නිමිත්තෙන් විශ්ව තැපැල් සංගමයේ නිර්මාණ අනුව නිල මුද්දර දෙකක් නිකුත් කළ බවත් මෙම මුද්දර සියලුම සාමාජික රටවල් විසින් භාවිත කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
පුද්ගලාරෝපිත මුද්දර සංකල්පය ජනතාවට සමීප කිරීම සඳහා මීට පෙර තැපැල් දෙපාර්තමේන්තුව ‘ඔබේ රුවට මුද්දරයක්’ යන වැඩසටහන ද හඳුන්වා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart