
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිසියට ජනතාවගෙන් ස්තූතිය හිමිවන්නේ ශ්‍රී ලංකාවේදී නම් කලාතුරකිනි.
එමනිසා එලෙස ස්තූතිය හිමිවන අවස්ථා ශ්‍රී ලංකා පොලිසිය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තබයි.
මේ ද පොලිස් ෆේස්බුක් පිටුවේ සටහන් වූ එවැනි අවස්ථාවකි.
සිය මෝටර් රථය පරීක්ෂාවට ලක්කිරීම සම්බන්ධව අප්‍රසාදයෙන් පසුවූ තරුණයන් පිරිසක් මෝටර රථයේ පසුපස කොටස පරීක්ෂාවට ලක්කරන අතරතුර දුටු දර්ශනයෙන් පසු පොලිස් නිලධාරීන්ට බොහෝ සේ ස්තූතිවන්ත වූ සිදුවීමක් වාර්තා විය.
ස්ථානය රත්නපුර කොළඹ මාර්ගයේ වෙරලුප හංදිය ආසන්නයේය. දිනය සහ වේලාව 2024.11.08 වන දින අළුයමයි.
රත්නපුර පොලිස් ස්ථානයේ රාත්‍රී රාජකාරියේ නිරත නිලධාරීන් කණ්ඩායමක් කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් නවත්වා පරීක්ෂාවට ලක්කළහ.
කාර් රථයේ තරුණයන් සිව්දෙනෙකු සිට ඇති අතර කාර් රථය පරීක්ෂා කිරීමට නිලධාරීන්ට අවශ්‍ය සහය නොදී කාර් රථයේ දෙදෙනෙකු රැදීසිටියහ.
ගමන් බෑගයන් අතර පරීක්ෂාකළ එක් පොලිස් නිලධාරියෙක් එක්වරම තරුණයන්ගෙන් ගමන් මලු අතර සර්පයකු දමාගෙන යන්නේ කුමන කාරණයකට යන්න විමසීය.
රථයේ සිටි දෙදෙනාද එවිට රථයෙන් ඉවතට පැන නාගයා නිරීක්ෂණය කර ඇති අතර බිරාන්තව වූ එක් තරුණයෙකු සිහිමුර්ජාවට ලක්වී ඇත.
අනතුරුව සැවොම එක්ව මහත් පරිශ්‍රමයක් යොදා නාගයා ඉවතට ගෙන හානියක් සිදුනොකර වනයට මුදාහැර තිබේ.
තණමල්විල උඩවලව මාර්ගයේ රථය නවතා බඩඉරිඟු ආහාරයට ගත් බවත් එවිට නාගයා කාර් රථයට පැමිණෙන්නට ඇති බවත් පැවසූ තරුණයන් ගමනාන්තයේදී අඳුරේම ගමන් බෑගයන් ගැනීමට උත්සාහ කළේ නම් යම් අයෙකුට ජීවිත හානියක් සිදුවීමටද ඉඩ ප්‍රස්ථාව තිබූ බවද පවසා පොලිස් නිලධාරීන්ට පිං දී ස්තූතිවන්ත වී පිටත්ව ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart