
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස් රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඒ, බස්රථ හිමියන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග පැවැති සාකච්ඡාවකදීය.
“බස් රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක් ඒ වගේම කලාවක්. ජනතාවට හානි නොවෙනවා නම් බස් රථ අලංකරණය කිරීමෙහි කිසිම ගැටළුවක් නෑ” යැයි මන්ත්‍රීවරයා පවසා ඇත.
මාර්ග නීති කඩකරනවා නම් හෝ ජනතාවට අපහසුතූවයක් ගෙනදෙනවා නම් ඊට නීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. හැබැයි ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කළ බස් රථවලට සහනයක් දෙන්න.” යනුවෙන්ද හෙතෙම සඳහන් කර තිබේ.
මාර්ග බලපත්‍ර වලට පිටින් හා බස් රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු සිදුකිරීම වරදක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart