
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට පෙර බදු අඩු කරන විට එයට විරුද්ධ නොවී පාර්ලිමේන්තුවේදී ඒකමතිකව එය සම්මත කර ගැනීමට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
රට බංකොලොත් වූයේ බදු සහන නිසාවෙන් නම් සජබ හා ජවිපෙද එයට දායක වී ඇති බව ඔහු සඳහන් කරයි.
රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ එදා යහපාලන ආණ්ඩුවේ සිටි වත්මන් සජබ ලොක්කන් සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් යැයි ද හෙතෙම පවසයි.
2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 7ක් බවත්, එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට භාරගන්නා විට ආර්ථික වර්ධන වේගය සියයට 2කට බැස්සවූයේ එදා යහපාලනයේ සිටි අද සජබෙ ඉන්න අයවලුන් මෙන්ම එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් බවත්, මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර, එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සජබයෙන් ප්‍රශ්න කරන බවද ඔහු පවසයි.
මෙහි විහිළුවට කරුණ වන්නේ වැට් බදු ඇතුළු බදු අඩුකිරීමට එරෙහිව උසාවි ගිය විද්වතුන් වගේම වත්මන් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ජනතාවගේ බදු විශාල ලෙස ඉහළ දමන විට ඊට එරෙහිව බොරුවට මහ පාරේ පෙළපාළි යෑම බව හෙතෙම කියයි.
ඇතැම් අය අයවැය විවේචනය කිරීම සම්බන්ධයෙන් රිදවාගෙන ඇති බවත්, ඕනෑම ආණ්ඩුවක වැරැද්දක් ඇතොත් ජනතාව වෙනුවෙන් එම වැරැද්ද පෙන්වා දීමට තමන් පසුබට නොවන බවත්, මන්ත්‍රීවරයා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කාබනික පොහොර භාවිතය වැනි වැරදි තීන්දු තීරණවලට කට වහගෙන සිටීම නිසා අද මෙවැනි තත්වයක් උදාවී ඇති බවත්, එම නිසා අයවැය විතරක් නොව ආණ්ඩුවේ ඕනෑම වැරැද්දක් විවේචනය කිරීමට හා පෙන්වා දීමට පසුබට නොවන බවත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart