
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වර්ෂයේදී ලෝක බොක්සිං ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ආසියානු බොක්සිං සම්මේලනය නිවේදනය කර තිබේ.
මෙම ශූරතාවලයේ වයස් කාණ්ඩ සහ ස්ත්‍රී පුරුෂභාවය තවමත් තහවුරු කර නොමැති නමුත්, ලෝක ශූරතාවලිය කොළඹට ගෙන එමින් ශ්‍රී ලංකාව තම බොක්සිං ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සැකසීමට සූදානම් බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
අන්තර්ජාතික බොක්සිං සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් රොබට්ස්, ආසියානු බොක්සිං සම්මේලනයේ අන්තර්වාර සභාපති අසීස් කොෂම්බෙටොව් සහ ශ්‍රී ලංකා බොක්සිං සභාපති ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර යන අය ඉදිරි ලෝක ශූරතාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, දේශීය ක්‍රීඩා නියෝජිතයන් හමුවූ බවද එම නිවේදනයේ දැක්වේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යෞවන බොක්සිං ශූරතාවලියේ අවසන් දිනයේදී මේ සම්බන්ධයෙන් සැලසුම් කළ බව එම නිවේදනයේ දක්වා තිබේ.
එම නිවේදනය මඟින් වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාවේදී පැවැත්වූ යොවුන් බොක්සිං ශූරතාවලිය ඉතා සාර්ථක වූ බවත්, ආගන්තුක සත්කාර ඇතුළුව සියලුම කණ්ඩායම්, නියෝජිතයන් සහ නිලධාරීන් සඳහා උසස් තත්ත්වයේ සේවාවන් ලබාදුන් බවත්ය.
ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශ පොලිනීසියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, කසකස්තානය, කිර්ගිස්තානය, කුවේට්, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, නවසීලන්තය, පාකිස්තානය, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය සහ වියට්නාමය මෙම ශූරතාවලියට සහභාගී වූ රටවල් 23 අතර විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart