
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතිහාසයට අමතක වූ නායකයකු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කරළියට ගෙන ආවේ රට මුහුණදුන් අර්බුදය සහ අරගලය හරහා බව ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න පවසයි.
සිදුවිය හැකිව තිබූ විනාශයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සහ ස්ථාවර පාලනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපති වික්‍රමසිංහට ගෞරවය පුද කළේය.
ආර්ථීක අර්බුදය තවමත් සම්පූර්ණයෙන් විසඳී නැතත් රට යළි කඩාවැටීමට ඉඩ දෙනවාද නැතිනම් යථා තත්ත්වයට පත් කරනවාද යන්න ජනතාව සැප්තැම්බර් 21 වැනිදා තීරණය කළ යුතු බවද සෙනෙවිරත්න අවධාරණය කළේය.
එළැඹෙන මැතිවරණයේදී ප්‍රවීණ කලාකරුවන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා කොළඹ, මල් පාරේ පිහිටි ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ විය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. අදටත් ක්‍රියාකාරීව සිටින රටේ ප්‍රවීණ කලාකරුවන් රැසක් බිහිකළ ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කිරීමට ඔහුගේ දැක්ම හේතු වුණා. ජනාධිපතිවරයාගේ දූරදර්ශීභාවය නිසා කලාකරුවන්ට යහපත් අනාගතයක් උදාකර ගැනීමට හැකිවී තිබෙනවා. රනිල් මේ මොහොතේ රටෙන් කිසිවක් නොඉල්ලුවත් රටට රනිල් අවශ්‍ය බව කිව යුතුයි.” ප්‍රවීණ ගායන ශිල්පී රජීව් සෙබස්තියන් මෙහිදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart