
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති චීන සමාගම පිලිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ චීන සත්වෝද්‍යාන සමාගම හෙවත්, Zhejiang Wuyu Animal Breeding Co. Limited නමැති සමාගමයි. එම සමගම විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ බෝගවලට හානි කරන රිලවුන්, සිය රටේ ප්‍රදර්ශන කටයුතු සඳහා ඔවුන්ගේ සත්වෝද්‍යාන වෙතට ලබාදෙන ලෙසයි. ශ්‍රී ලංකාවේ භෝග විනාශ කරන සත්ව විශේෂ පාලනය කිරීමට බලාපොරොත්තු වන බවට පළ වූ වාර්තා පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව චීන සමාගම යොමුකළ ලිපියේ සඳහන් වේ.
චීන සමගම විසින් 2023 මාර්තු 10 වැනිදා මෙම ලිපිය යොමුකර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙතය. ලොව පුරා විවිධ ස්ථානවලින් සත්ව විශේෂ අල්ලා ගැනීම ප්‍රවාහනය සහ සංරක්ෂණය පිලිබදව තම සමාගම සතුව විශේෂඥ දැනුම පවතින බවද Zhejiang Wuyu Animal Breeding Co. Limited සාමාගම එම ලිපියෙන් පෙන්වාදී ඇත.
මේ අතර ශ්‍රී ලංකාව ‘ටොක් මැකේක් රිලවුන්’ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් චීනයට අපනයනය කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ. චීන රජය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවෙන් එවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවට කිසිදු තොරතුරක් වාර්තා නොවන බව එම පැහැදිලි කිරීමේ සඳහන් වේ. කෙසේවෙතත් වෙනත් චීන සමාගමකින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත්දැයි යන්න පිළිබඳව චීන තානාපති කාර්යාලය කිසිදු සඳහනක් සිදුකර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart